මගේ හදවතේ ඔබ ඉන්නවදmagee hadhawathee oba innawadha

Mage Hadawathe Oba Innawada

Lyrics

මගේ හදවතේ ඔබ ඉන්නවද
ඇත්තට මා ගැන හිතනවද
බොරුවක් මට ඔබ කරනවද
මා තැවෙනවා හිත හඬාවැටෙනවා
මගේ හදවතේ ඔබ ඉන්නවද.......

මගේ ආදරේ මතකේ ඔබ ළඟමයි රැඳුනේ
සැමදා ඔබ මාගේ කියලා මට කීවේ 
ඇයි මගේ රත්තරනේ
මා ගැන නොසිතන්නේ.......

මගේ හදවතේ.....

ඔබේ හිත මා ළඟ නම්
කොඳුරා පවසන්න ඔබ වෙන 
කෙනෙකුගේ නම් එය මට දන්වනන්න
ඔබ මගේ වේවි නම් මම ඔබේමයි ඔන්න......

මගේ හදවතේ.....

Mathaka | මතක

A free, open, community-driven database preserving Sri Lankan Sinhala song lyrics for future generations.

ශ්‍රී ලාංකික සිංහල ගීතය රැකගැනීම සඳහා.

© 2026 Mathaka. Data licensed under ODbL.

Open. Accurate. Eternal.