මගේ ගෙටත් උඩmagee getath uda

Mage Getath Uda

Lyrics

මගේ ගෙටත් උඩ ඔබේ මගේ ගෙටත් උඩ
කැළුම් දිදුළවන සරා සුපුන් සඳ
එක වහලක් යට එකම දකින්නට
පූරුවේ කළ පින් මහිම කියන්නට

ප්‍රියේ නුඹම උපනුපන් ජාති හමුවේවා...

කපුරු ගොඩක් සේ අළුවත් නොරැඳී
පැතූ පැතුම් පෙළ දැවී ගියා වූ
ජීවිතයට ඔබ අළුතින් එක් වී
මා ජිවිත් කර සතුට ගෙනාවේ

ප්‍රියේ නුඹම උපනුපන් ජාති හමුවේවා...

කිළිටි මගේ අත ඔබට සුදුසු නැත
එබැවින් වෙනතක බැඳුනද කම් නැත
එනමුදු මෙලොවෙහි නැවත උපන් කළ
ඒ අත් භවයෙන් එළිය දකින්නට 

ප්‍රියේ නුඹම උපනුපන් ජාති හමුවේවා...//

Mathaka | මතක

A free, open, community-driven database preserving Sri Lankan Sinhala song lyrics for future generations.

ශ්‍රී ලාංකික සිංහල ගීතය රැකගැනීම සඳහා.

© 2026 Mathaka. Data licensed under ODbL.

Open. Accurate. Eternal.