මගේ දින පොතේහිmagee dhina potheehi

Mage Dinapothehi

Lyrics

මගේ දින පොතෙහි අද රෑ ලියන්නේ 
අප පෙම් කතාවේ අවසානයයි
ඔබ නේන දා හෙට මා මනමාලියයි 
මගේ දින පොතෙහි අද රෑ ලියන්නේ 
	
කවදාක හෝ එක්තැන් වෙලා
සුව හා සුසුම් සම සේ දරා..
අත්වැල් බැදන් යමු ජීවිතේ 
ඒ කී වදන් බොල් හීනයේ

මගේ දින පොතේහී.../

පාසල් සමේ අපි දෙන්නගේ
නම් කුරුටු ගෑ කදාසියේ 
ගිනි අවුළුවා නටඹුන් පෙමින් 
අපි වෙන්වෙමු දෛවේ ලෙසින් 

මගේ දිනපොතේ හී .../

Mathaka | මතක

A free, open, community-driven database preserving Sri Lankan Sinhala song lyrics for future generations.

ශ්‍රී ලාංකික සිංහල ගීතය රැකගැනීම සඳහා.

© 2026 Mathaka. Data licensed under ODbL.

Open. Accurate. Eternal.