මගේ දෑසම පියවීmagee dhaesama piyawii

Mage Dasama Piyawi

Music:
ආර් මුත්තුසාමිaar muththusaami
Lyrics:
කරුණාරත්න අබේසේකරkarunaarathna abeeseekara

Lyrics

මගේ දෑසම පියවී ඉන්නේ 
ඔබේ රූපයමයි දිස්වන්නේ 
මා කාටද මේක කියන්නේ 
මා කාටද මේක කියන්නේ //

මා සෑදුව කූඩුව කැඩුනා 
මල් මාලය පරවී වැටුනා
සෝ සුසුම් හෙලා දෑතම නොබලා
කාටද මේක කියන්නේ 
මා කාටද මේක කියන්නේ

මගේ දෑසම පියවී........

අද ගං තලයේ දිය සිඳුනා
වැලි කතරක ඒ ගග හිදුනා
මග මරු වැදුනා පහනද නිවුනා
කාටද මේක කියන්නේ 
මා කාටද මේක කියන්නේ

මගේ දෑසම පියවී........

Mathaka | මතක

A free, open, community-driven database preserving Sri Lankan Sinhala song lyrics for future generations.

ශ්‍රී ලාංකික සිංහල ගීතය රැකගැනීම සඳහා.

© 2026 Mathaka. Data licensed under ODbL.

Open. Accurate. Eternal.