මගේ අතීතය නමැතිmagee athiithaya namaethi

Mage Athithaya Namathi

Lyrics

මගේ අතීතය නමැති පොතේ
පිටු පෙරලෙන විට හිමින් සැරේ
නැත ආදරයක් ඔබට වගේ
පුදලා කෙනෙකුට තවත් නගේ

කුලුඳුල් සෙනෙහස විහිරුණු මා හද
අයිතිය ඇත්තේ ඔබට තමයි
නොඉඳුල් කුසුමක මී බිඳු වාගේ
රසය විදිය යුතු ඔබ තමයි

පිවිතුරු සෙනෙහස ගැඹුරුයි ඔබ වෙත
එය මිහිරක් මට නිසි ගෙන එයි
බිය සැක පලවා සෝ දුක දුරලා
එනු මැන ළඳුනේ මා  ඔබෙමයි

මගේ අතීතයේ ........

Mathaka | මතක

A free, open, community-driven database preserving Sri Lankan Sinhala song lyrics for future generations.

ශ්‍රී ලාංකික සිංහල ගීතය රැකගැනීම සඳහා.

© 2026 Mathaka. Data licensed under ODbL.

Open. Accurate. Eternal.