මගේ ඇස වගේmagee aesa wagee

Mage Asa Vage

Lyrics

මගේ ඇස වගේ මගේ ළඟ නුඹ ඉන්නවා
නුඹ දකින්නට ඇසක් නැති වග දන්නවා
මගේ ඇස වී නුඹ මගේ ළඟ ඉන්නවා
නුඹ මගේ ළඟ ඉන්නවා
නුඹේ අත මම ගන්නවා මම ගන්නවා
නුඹට දෙන්නට අතක් නැති වග දන්නවා
මගේ අත වී නුඹ මගේ ළඟ ඉන්නවා
නුඹ මගේ ළඟ ඉන්නවා

ඇසේ ගිණි මල් විසි වුණා
අතේ මරුවැල් පැටලුණා
සිතේ විරිය පිට වුණා
වැටී තල් ගෙඩි පිපිරුණා

රටේ සැක බිය දුරු වුණා
සිතේ යළි මල් පිබිදුණා
අතේ තනිකම නැති වුණා
මගේ ඇස මට හමු වුණා

Mathaka | මතක

A free, open, community-driven database preserving Sri Lankan Sinhala song lyrics for future generations.

ශ්‍රී ලාංකික සිංහල ගීතය රැකගැනීම සඳහා.

© 2026 Mathaka. Data licensed under ODbL.

Open. Accurate. Eternal.