මගේ ඇස් දිහා බලාmagee aes dhihaa balaa

Mage As Diha Bala

Music:
හිරාන් තේනුවරhiraan theenuwara
Lyrics:
හිරාන් තේනුවරhiraan theenuwara

Lyrics

මගේ ඇස් දිහා බලා හඬන්නට එපා
මේ තරම් ආදරේ දුරක් ඇවිදින්
දුකක් දී නුඔ ගියා...
මගේ ඇස් දිහා බලා...

කුළුඳුල් මගේ ආදරේ සඟවන්න බෑ
රහසේ හඬනා තරම් නුඔ දන්නේ නෑ
ආයේ හමුවෙන්න මට තහනම්
ඉවසන්න බෑ මේ සරදම්...

මගේ ඇස්.....

දෙනෙත් තරු බල බලා හිනැහෙන්න බෑ
පියුම් පෙති ආ‍දරෙන් සිපගන්න බෑ
කීව නාහන හැටි හිත මාගේ
අහිමි නුඔ ගැන දැන් ලතැවෙන්නම්...

මගේ ඇස්.....

Mathaka | මතක

A free, open, community-driven database preserving Sri Lankan Sinhala song lyrics for future generations.

ශ්‍රී ලාංකික සිංහල ගීතය රැකගැනීම සඳහා.

© 2026 Mathaka. Data licensed under ODbL.

Open. Accurate. Eternal.