මගෙ අහසේ අදුර බිදින සඳවතීmage ahasee adhura bidhina sandawathii

Mage Ahase Adura

Lyrics

මගෙ අහසේ අදුර බිදින සඳවතී
අම්මේ ඔබ හැරෙන්න කවුරුද ලෝකේ
හිරු සේ මගෙ ජීවිතයම එළි කළේ
පියාණනී සෙනෙහස පිටාර ගැලුවේ

අත්දෙක අල්ලන් මගෙ ඉස්සර වාගේ
පාර කියන තරුකැට යුවළ
නින්දනැතිව මට මඟ කියන

වරදින්නේ මුලටම හරියන හින්දා
පාඩම කියාදුන්නෙ ඔබමයි සැමදා
සීමාවක් හොයන්න ඔබේ ආදරේ
තව දුර එන්නද මම මේ ස ‍ ‍ංසාරේ
ආදරෙ වචනවලට හරවාගන්න
අම්මේ පුළුවන්නම් කියලා දෙන්න

අත්දෙක අල්ලන්

මා වෙනුවෙන් වයසට ගිහින් අකාලේ
හීනත් දකින්න ඇති නේද දවාලේ
දෙපතුල ළඟ වැටිලා වැඳගෙන ඉන්න
ආත්ම ගානක් මට උණුහුම දෙන්න
ආදරෙ වචනවලට හරවාගන්න
තාත්තෙ පුළුවන්නම් කියලාදෙන්න

Mathaka | මතක

A free, open, community-driven database preserving Sri Lankan Sinhala song lyrics for future generations.

ශ්‍රී ලාංකික සිංහල ගීතය රැකගැනීම සඳහා.

© 2026 Mathaka. Data licensed under ODbL.

Open. Accurate. Eternal.