මගෙ අගහිගකම්mage agahigakam

Mage Agahigakam

Music:
ප්‍රගීත් පෙරේරාpragiith pereeraa
Lyrics:
චමිත් සංජනchamith sanjana

Lyrics

මතකද දවසක්දා...
මාව හැරගියා ඔයා...
එදා ඉදන් හිටියේ...
මා.. තනිකඩයා වෙලා...

වෙන කෙනෙක්ට හිත ගියේ නෑ තාම ආදරෙ නිසා...
ඒත් ආයෙ කවදාවත් මට ඔබවනම් එපා...

මගෙ අගහිගකම් ඉවසලා - හිටියානම් එදා...
රැජිනක් වාගේ ඉන්නට තිබුනා - අදටත් මගෙ වෙලා //

ටික කාලයයි ගියේ - දෛවයේ ශාපෙ මේ..
නුබට දුක හිතුනේ නැතුවාද මාව හැරදා ගියේ..
දවසකට ආදරේ - සොයන පෙම්වතුන් අතරේ..
සිටිය දෙවියෙකී මා ඔබට පින නැහැ වගේ....

වෙන කෙනෙක්ට...

මගෙ අගහිගකම් //

නැවතිලා හිත හදන් - ලෝකයේ ජය අරන්..
එදා තනිවෙච්ච දිළිදු පෙම්වතා.. අදනම් නැතේ..
හිටියනම් මගෙ වෙලා - රැජිණකී අද ඔයා..
ආයේ එන්නටනම් හිතන්නත් එපා වස්තුවේ..

මතකද දවසක්දා...

වෙන කෙනෙක්ට... 

මගෙ අගහිගකම්... //

Mathaka | මතක

A free, open, community-driven database preserving Sri Lankan Sinhala song lyrics for future generations.

ශ්‍රී ලාංකික සිංහල ගීතය රැකගැනීම සඳහා.

© 2026 Mathaka. Data licensed under ODbL.

Open. Accurate. Eternal.