මගේ ආදරේම අපරාදේmagee aadhareema aparaadhee

Mage Adarema Aparade

Lyrics

මගේ ආදරේම අපරාදේ...
අපතේ ගියාද මේ කාලේ...
හිත පාරවා දමා මාගේ ඔබ ගියා...
සාරිතා... 
මුළු ජීවිතේම අද මාගේ...
එක තැනක නතර වී වාගේ...
අද නෑසුනා එදා වාගේ ඔබ ගියා
සාරිතා...

ආදරේ ගිනිපුපුරූ ලබනවිට ඔබ නෑලූ
තනිවෙලා හිත පාලු ඇයි වුනේ අපි යාලූ
හිටපු හැටි අමතකලූ දුන්නු සිත ගත්තාලූ
වේදනා විතරයිලූ අන්තිමේදී ඉතුරූ

කියාගන්න බැරි සිදුවීමක් 
පාරවාවී හැම ජීවිතයත් 
මගේ කතාවත් දැං නැවතිලා...
නිමාවෙන්නේ නෑ දිග සුසුමක් 
දුකම දේවී සංසාරයමත්
පිහිටවෙන්න දෙවියන් නැතිනිසා...
ඔබ වෙනුවෙන් මා කරනා 
පිංවල අනුහස් ලැබිලා 
මට ලංවීලා ඉපදේවා ඇසුනාද සාරිතා..

ආදරේ ගිනිපුපුරූ ලබනවිට ඔබ නෑලූ
තනිවෙලා හිත පාලු ඇයි වුනේ අපි යාලූ
හිටපු හැටි අමතකලූ දුන්නු සිත ගත්තාලූ
වේදනා විතරයිලූ අන්තිමේදී ඉතුරූ

ලබාගන්න බැරිආදරයක් 
මේ භවේදී යලි කිසිදාවත් 
නමුත් මතක් වෙනවා රිදවලා...
සොයා යන්න ලඟ පාතකවත් 
නෙවෙයි ගියේ දුර ගව්ගාණක්
රැයේ එන්න සිහිනෙන් හිනැහිලා..

ඔබ වෙනුවෙන් මා කරනා 
පිංවල අනුහස් ලැබිලා 
මට ලංවීලා ඉපදේවා ඇසුනාද සාරිතා..

මගේ ආදරේම අපරාදේ...

Mathaka | මතක

A free, open, community-driven database preserving Sri Lankan Sinhala song lyrics for future generations.

ශ්‍රී ලාංකික සිංහල ගීතය රැකගැනීම සඳහා.

© 2026 Mathaka. Data licensed under ODbL.

Open. Accurate. Eternal.