මගේ ආදරේmagee aadharee

Mage Adare

Lyrics

එක දවසක්ද සොඳුරු සැන්දැවක...ඔබ මට හමුවුණා...
එදා හමුවෙලා කතා කල වදන්...මගේ හිතේ රැඳුනා...
අපි දෙන්නගේ සොඳුරු ආදරේ...එතනින් ඇරඹුණා...
අපිවත් දන්නැති අපේම ලොවකට...
ඔය මාව අරගෙන ගියා...

මගේ ආදරේ ඔබටමයි...මා හදවතේ රිදමයයි...ඔබයි..
එක වගේ සමානයි...මගේ ආදරේ...ඔබටමයි...
මාගේ ආදරේ ඔබටමයි...මා හදවතේ රිද්මයයි...ඔබයි 
එක වගේ සමානයි...මගේ ආදරේ...ඔබටමයි...

හිමිහිට හිමිහිට ඔබ ඇවිදින් මගේ...තනිකම මුවා කලා...
තනිකඩ වී සිටි මගේම දිවියට...ඔබ එළියක් වුනා...
කවදාවත් මා නොසිතු විලසට...ඔබ මට ලං වුනා...
ඔය නෙත් කොනින්...පළමු වරට ඔබ...
මා හද හොරෙන්ම අරගත්තා...

මගේ ආදරේ ඔබටමයි...//

ආදරේ...ආදරේ...පළමු වරට මම පැවසුවේ 
ආදරේ...ආදරේ...ඔබමයි එය කල එලි කලේ 
ඔබගේ...ආදරේ මා හද පතුලේ නැවතුනේ...
අපගේ...ආදරේ...අපි දෙදෙනා පමණයි දන්නේ...

මගේ ආදරේ ඔබටමයි...//

Mathaka | මතක

A free, open, community-driven database preserving Sri Lankan Sinhala song lyrics for future generations.

ශ්‍රී ලාංකික සිංහල ගීතය රැකගැනීම සඳහා.

© 2026 Mathaka. Data licensed under ODbL.

Open. Accurate. Eternal.