මගෙ ආදර ළන්දූmage aadhara landhuu

Mage Adara Landu

Lyrics

මගෙ ආදර ළන්දූ
ඇයි ඔය නෙතු අග කඳුලු
මට වද දෙයි ළන්දූ
හොර රහසෙ වැටෙන කඳුලු

ඒ වැටෙන කඳුලු මං නිසාද
මගෙ සුදු ළන්දූ
ඒ නුඹේ කඳුලු මට දීපන්
මගෙ සුදු ළන්දූ

මගෙ ආදර ළන්දූ ....

කෝල කතා දිග හැරපන්
ඔමරි සිනා තව හෙලපන්
වෙනදා මෙන් තුරුළු වෙයන්
රත්තරනේ මට සමාවෙයන්
මම නුඹේ ළඟම ගැවසීලා
නුඹ සනසන්නම්
ඒ නුඹේ ඇසින් වැටෙන කඳුලු
පිසදෑ ලන්නම්

මගෙ ආදර ළන්දූ ....

නුඹෙ සෙනෙහෙන් දෝ‍රෙ ගලන්
ලිය කඳුලින් මට ලියපන්
නුඹේ සිතුම් දිග හැරපන්
නුඹේ සුසුම් මට දීපන්
මම හිරුට හොරෙන් ඇවිදින් නුඹ
කැන්දන් යන්නම්
නුඹ සඳ‍ට හොරෙන් තරු අතරින් 
එක්කන් යන්නම්

මගෙ ආදර ළන්දූ ....

Mathaka | මතක

A free, open, community-driven database preserving Sri Lankan Sinhala song lyrics for future generations.

ශ්‍රී ලාංකික සිංහල ගීතය රැකගැනීම සඳහා.

© 2026 Mathaka. Data licensed under ODbL.

Open. Accurate. Eternal.