මඟ තොටදී හමුවෙද්දීmanga thotadhii hamuwedhdhii

Maga Thotadi Hamuwedhi

Music:
ක්ලැරන්ස් විජේවර්ධනklaerans wijeewardhhana
Lyrics:
ප්‍රේම කීර්ති ද අල්විස්preema kiirthi dha alwis

Lyrics

මඟ තොටදී හමුවෙද්දී - අපට කතා හැදුනා
ලොව කැළඹී ගිනි ගද්දී - දෙදෙනා කතා කෙරුවා

අවදි වෙලා සිත අමුතු හැඟුම් - රහසේ දිනූ පෙම එලිවූ බැවින්
මුහුණු වසාගෙන - කඳුළු පුරෝගෙන
මුහුණු වසාගෙන - කඳුළු පුරෝගෙන
දෙදෙනා බලා සිටියා

මඟ තොටදී හමුවෙද්දී
අපට කතා හැදුනා

විසදී තීරණ නොසිතූ ලෙසින් - දෙඅතේ විසූ අප එක්වූ බැවින්
නැකත උදාවිය - සතුට දරාගෙන
නැකත උදාවිය - සතුට දරාගෙන
කඳුළු කඩා වැටුණා

මඟ තොටදී හමුවෙද්දී .../
දෙදෙනා කතා කෙරුවා
දෙදෙනා කතා කෙරුවා
දෙදෙනා කතා කෙරුවා

Mathaka | මතක

A free, open, community-driven database preserving Sri Lankan Sinhala song lyrics for future generations.

ශ්‍රී ලාංකික සිංහල ගීතය රැකගැනීම සඳහා.

© 2026 Mathaka. Data licensed under ODbL.

Open. Accurate. Eternal.