Lyrics
මග හැරුණු හීනේ කුමාරි
කොහේ ගියාද හසරැල්ල පාවී
පෙරදා සිනාසීලා
සංවේදනා මතකේ මවා
සැඟවී ගියා......
හද නිම්නයේ ඒ සෙනෙහස ගලා
ඔබ ළඟට එයි කෝ ඔබ සොයා
පිටුපාලා ඇයිද ඉන්නේ ආදරෙයි මෙමා
තාම මතකයි සුවඳ මට නම්
කොපුල් තල යුගලයේ විහිදී.....
පණ කෙන්දවත් මට නම් එපා
ඔබේ ආදරේ හිමි වනතුරා
සිප ගත්ත හැටි ඔය දෑතම
ආදරෙන් ළං වී එදා
තාම මතකයි සුවඳ මට නම්
කොපුල් තල යුගලයේ විහිදී.....