මග බලන්maga balan

Maga Balan

Music:
කේෂාන් පෙරේරාkeeshaan pereeraa
Lyrics:
චතුරංග හෙට්ටිගේchathuranga hettigee

Lyrics

මග බලන් හඬන නෙතු පියන් ඔබ කොහේ කියා තවම අහනවා
ජීවිතෙත් මගේ මරා දමා ඇයි දුරස් වෙලා අද මගෙන් ඔයා
නැතුව ඔය හිත ඉන්නේ කොහොමද මං රත්තරන් තනි වෙල‍ා
භාගයක් දුර ආදරේ ගෙන ආවේ මොකටද ඔයා......

හිමි වීම මට අහිමි නෑකියා සිතුණාට සිහිනෙන් පවා
හැබැහින් අයිති නෑ අපි ඉන්නේ දුරකට වෙලා
හැමදාම මං පෙම් කළා ඔබ මාගේ පණ යයි සිතා 
බොරුම නේද කිව්වේ ඔයා මං දාලා යන්නෑ කියා......

පැතූ හීන පිරි හිතම පාරලා සිටියාට වෙනතක් බලා
මතකෙන් මිදෙනු බෑ මගේ හුස්මත් ඔබ ළඟ නිසා 
හැමදාම මං පෙම් කළා ඔබ මාගේ පණ යයි සිතා 
බොරුම නේද කිව්වේ ඔයා මං දාලා යන්නෑ කියා......

මග බලන් හඬන.....

Mathaka | මතක

A free, open, community-driven database preserving Sri Lankan Sinhala song lyrics for future generations.

ශ්‍රී ලාංකික සිංහල ගීතය රැකගැනීම සඳහා.

© 2026 Mathaka. Data licensed under ODbL.

Open. Accurate. Eternal.