මඟ බල බලාmanga bala balaa

Maga Bala Bala

Music:
ආර් මුත්තුසාමිaar muththusaami
Lyrics:
බෙනඩික්ට් ප්‍රනාන්දුbenadikt pranaandhu

Lyrics

චිත්‍රපටය: රම්‍යලතා (1956)

මඟ බල බලා ඇතිය මගෙ සුදා
සුකොමළ සිරියා ප්‍රේමෙන් සනසන්නටා
අඳුරට පෙර යමි ලහි කරලා //

පිපි මල වගේ වුවන දිලිසෙනා
ප්‍රේම සුගන්දේ දස අත විහිදා //
ඒ පෙම් කුසුමේ මධු රස උරනා
බිඟු රජ ලෙස මම යමි පියඹා

මඟ බල බලා ඇතිය මගෙ සුදා..

මා ප්‍රේම රැජිනී මා දුටු විගසිනී
ලැජ්ජාවේ සැඟවී ඉඟි බිඟි පාවී //
නාඹර දෙතොලේ පෙම් පැණි ඉතිරේ
රොන් ගන්නට බිඟු ලෙස යමි පියඹා

මඟ බල බලා ඇතිය මගෙ සුදා..

බැඳි සෙනහසේ ළදරු වයසෙදී
වැඩුණි හදේ දින දින මෝරා //
ඒ සිරියාවී මාගෙ මනාලී
දකිනට බිඟු ලෙස යමි පියඹා

මඟ බල බලා ඇතිය මගෙ සුදා..

Mathaka | මතක

A free, open, community-driven database preserving Sri Lankan Sinhala song lyrics for future generations.

ශ්‍රී ලාංකික සිංහල ගීතය රැකගැනීම සඳහා.

© 2026 Mathaka. Data licensed under ODbL.

Open. Accurate. Eternal.