මග බලාmaga balaa

Maga Bala

Music:
නාලක අංජන කුමාරnaalaka anjana kumaara
Lyrics:
චාන්දනී නයනා කුමාරි මූණමලේchaandhanii nayanaa kumaari muunamalee

Lyrics

මග බලා උන්නා පියවර මනින තුරා 
නෑඹුල් හිත ළඟ නැවතී සිත්තම් මවන තුරා 
නුඹට වෙන්කළ හිතේ 
ඉඩ තියාගෙන මග බලා උන්නා

ඇහැළ මල් යායේ 
සිහින පොදි ගැහුනා 
හැලෙන සඳ දිය පොකුරු අතරේ නුඹෙ සිනා පිපිලා 
නෙලන්නට සිතුනා ලංවී 
නෙලන්නට සිතුනා

ජීවිතේ නුඹමැයි දැනී 
ආදරේ පිරුණා 
හිතෙන තරමක් මට නුඹේ ගැන 
සුසුම් විතරක් අවදියෙන් ඇති 
රාත‍්‍රියකට කියන්නට සිතුනා
රැය පුරාවට කියන්නට සිතුනා

Mathaka | මතක

A free, open, community-driven database preserving Sri Lankan Sinhala song lyrics for future generations.

ශ්‍රී ලාංකික සිංහල ගීතය රැකගැනීම සඳහා.

© 2026 Mathaka. Data licensed under ODbL.

Open. Accurate. Eternal.