මධුර යාමේmadhhura yaamee

Madura Yame

Music:
ආර් මුත්තුසාමිaar muththusaami
Lyrics:
කරුණාරත්න අබේසේකරkarunaarathna abeeseekara

Lyrics

මධුර යාමේ සුවදේ සාමේ //
සිනහ වීලා එන්න රෑ මේ
ප්‍රේම නදියේ පිහින පීනා 
එන්න රෑ මේ හෝ

තරු සිනා සේ දෙනෙත පොපියයි //
මසිත පිබිදී සතුට රජවෙයි
ප්‍රේම නදියේ පිහින පීනා 
එන්න රෑ මේ හෝ

සුසුදු හංසයො විලෙහි සරතී
රසය ඇති තැන් කොහොද සොයති //
දෑත විහිදා එන්න අඳුරේ 
උන්ව අල්ලා ගන්න මිහිරේ
අතට අක දී හිතට හිත දී //
රැල්ල විලසේ එන්න පෙරලී
 ප්‍රේම නදියේ පිහින පීනා 
එන්න රෑ මේ හෝ

සීත සුවදේ හමන පවනේ 
රෝස සුවඳයි ඔබගෙ සෙවණේ //
අඳුන් දෙනුවන රස ගෙනාවේ
සඳුන් සිසිලයි ඔබෙ සිනාවේ
ඈත සඳ ඒ බලනවානේ //
ඉන්න හොඳ නෑ යන්න ඕනේ

 ප්‍රේම නදියේ පිහින පීනා 
එන්න රෑ මේ හෝ

Mathaka | මතක

A free, open, community-driven database preserving Sri Lankan Sinhala song lyrics for future generations.

ශ්‍රී ලාංකික සිංහල ගීතය රැකගැනීම සඳහා.

© 2026 Mathaka. Data licensed under ODbL.

Open. Accurate. Eternal.