Lyrics
මදු මල ලෙස මෘදු මාගේ ප් රියාදර මිහිරාවිය වෙතටයි
ඔබ සිහි කර කර ඔබට ලියන එක මට ඇති එක සතුටයි
අපමන සිතුවිලි බිහිවි තෙරපිලි එකිනෙක පැටලෙන්නේ
කොහොම පටන්ගෙන මොනව ලියන්නද නැත මට වැටහෙන්නේ
කෙටියෙන් පවසමි මගේ ආදරියේ කීමට ඇති සැමදේ
පරෙවි රැජිනියේ එදා වගෙ අදත්
ඔබට තවම මම ආදරෙයි
හිත ගොලු වෙනවා අත වෙව්ලනවා හදවත ගැස්සෙනවා
ලිපියෙහි කොලයට මුහුන යොමන කොට නෙත් දෙක පියවෙනවා
කෙටියෙන් පවසමි මගෙ ආදරියේ කීමට ඇති සැමදේ
පරෙවි රජිනියේ එදා වගේ අදත්
ඔබට තවම මම ආදරෙයි