මධුවිතකින්madhhuwithakin

Madhuwithakin

Lyrics

මධුවිතකින් රෑ කල් ගෙවනා
ඉඟසුඟ බඳ මායම් කරනා
දෙව්ලොව සුවඳින් සිත් පුරවා 
ඔච්චම් කරමින්ඉඟි මැරුවා
නිදි නැති රෑ තුන්යම රඟනා
රතු දෙතොලින් රහසේ කොඳුරා
සලෙලුන් හිත මන් මත් කරනා 
මල්සර හී වරුසා වැටුණා 

සැතපෙන ඔබ ඔය මුදු මල් යහනේ
වෙනකෙක් සනහන පාළු නිවහනේ
නැළවෙන උකුලේ පිරිපුන් ළමැදේ
රස මදිරා අම පෙම් සුව ගැවසේ
තහනම් ගෙඩි කෑ මුත් නුඹ රහසේ
බැඳුනත් නුඹ වෙන බඹරුන් පහසේ
නැළවෙන උකුලේ පිරිපුන් ළමැදේ
විඳි සුව සිහිවන විට සිත පිබිදේ
අහංකාර නගරේ පුරඟනක්ද නුඹ ළඳුනේ
නෙතු අග බැලුම් වසන් කර රහස් කියනවද
විසේකාර ලඳුනේ 

මධුවිතකින් රෑ කල් ගෙවනා......

නුඹටම අවනත නැති හිත රහසේ 
බැඳුනද ඔය ගත අනෙකුත් පහසේ
නැළවෙන උකුලේ පිරිපුන් ළමැදේ
රස මදිරා අම පෙම් සුව ගැවසේ 
තහනම් ගෙඩි කෑ මුත් නුඹ රහසේ
බැඳුනත් නුඹ වෙන බඹරුන් පහසේ
නැළවෙන උකුලේ පිරිපුන් ළමැදේ
විඳි සුව සිහිවන විට සිත පිබිදේ

මධුවිතකින් රෑ කල් ගෙවනා......

තනිවෙන්නම් මා මට නොව නම් ආදරේ 
මතකේ රඳවන් ගතවෙත් දෙන් ජිවිතේ 
දිවියේ මතු දා යලි ඒ නම් මා කෙරේ
රැකගන්නම් මා පණ මෙන්
නුඹේ ජිවිතේ කෙල්ලේ 

මධුවිතකින් රෑ කල් ගෙවනා......

Mathaka | මතක

A free, open, community-driven database preserving Sri Lankan Sinhala song lyrics for future generations.

ශ්‍රී ලාංකික සිංහල ගීතය රැකගැනීම සඳහා.

© 2026 Mathaka. Data licensed under ODbL.

Open. Accurate. Eternal.