මධුර යාමේmadhhura yaamee

Madhura Yame

Lyrics:
කරුණාරත්න අබේසේකරkarunaarathna abeeseekara

Lyrics

මධුර යාමේ සුව ද සාමේ
සිනා වීලා එන්න රෑ මේ 
ප්‍රේම නදියේ පිහින පීනා එන්න රෑ මේ
තරු සිනාසෙයි දෙනෙත පොපියයි
මසිත පිබිදී සතුට රජ වෙයි
ප්‍රේම නදියේ පිහින පීනා එන්න රෑ මේ

සුසුදු හංසයො විළෙහි සරතී
රසය ඇති තැන් කොහෙද සොයතී
දෑත විහිදා එන්න අඳුරේ
උන්ව අල්ලා ගන්න මිහිරේ
අතට අත දී හිතට හිත දී
රැල්ල විලසේ එන්න පෙරළි
ප්‍රේම නදියේ පිහින පීනා එන්න රෑ මේ

සීත සුළගේ හමන පවනේ
රෝස සුවඳයි ඔබගෙ සෙවනේ
මඪුන් දෙනවන රස ගෙනාවේ
සඪුන් සිසිලයි ඔබෙ සිනාවේ
ඈත සඳ ඒ බලනවානේ
ඉන්න හොඳ නෑ යන්න ඕනේ
ප්‍රේම නදියේ පිහින පීනා එන්න රෑ මේ

Mathaka | මතක

A free, open, community-driven database preserving Sri Lankan Sinhala song lyrics for future generations.

ශ්‍රී ලාංකික සිංහල ගීතය රැකගැනීම සඳහා.

© 2026 Mathaka. Data licensed under ODbL.

Open. Accurate. Eternal.