මධුmadhhu

Madhu

Music:
තරිඳු බණ්ඩාරtharindu bandaara
Lyrics:
මිලත්තැවේ සුගත් හිමිmilaththaewee sugath himi

Lyrics

හිත මගෙ සැනසූ ඔබයි 
වැනසුවේ මා විශ්වාසය මට වින කළා 

නැතිවෙන්න නම් දෙයක් නැහැ මට තව
පණ වාගේ උන් ඔබත් යන හැටි අද 
හිත මගෙ සැනසූ ඔබයි 
වැනසුවේ මා 
විශ්වාසය මට වින කළා 

ඉරණම දැන් විසඳුනි 
මතකය වී ඔබ මධු 
දෛවය වීලා හරස් 
වෙන් කෙරුවා අපි මධු 

හැමදේම නැති කරලා ඔබ ගිය දුරත් 
සිහිවෙද්දි දුක හිතෙනවා 
ඔබ නැතිව ඔබ එක්ක අද තනිවෙලා 
මං ආදරේ විඳිනවා 
ගින්දරත් අවුලලා මොන හිතකින්ද ඔබ හිනැහිලා 

ඉරණම දැන් විසඳුනි....

හැමදේම අත හැරුනේ මගෙ හොඳටලු 
දැන් නම් හිතත් කියනවා 

විඳවීම අපෙ ප්‍රේමේ ප්‍රතිපලයකි 
මේ කඳුල සාධාරණයි 
ගින්දරත් අවුලලා මොන හිතකින්ද ඔබ හිනැහිලා 

ඉරණම දැන් විසඳුනි....

නැතිවෙන්න නම් දෙයක් නැහැ....

ඉරණම දැන් විසඳුනි....

Mathaka | මතක

A free, open, community-driven database preserving Sri Lankan Sinhala song lyrics for future generations.

ශ්‍රී ලාංකික සිංහල ගීතය රැකගැනීම සඳහා.

© 2026 Mathaka. Data licensed under ODbL.

Open. Accurate. Eternal.