මචානෝmachaanoo

Machano

Lyrics

පන්තියේ අන්තිම පේළියේ ජීවිත සටහන් කොපි කළේ
උඹයි මමයි නේද මචෝ මචානෝ එ් මචානෝ 
මචානෝ මචානෝ
රංචුවේ ඉන්නා සන්ධියේ තුන් හිතේ ආදරේ පැනගියේ
උඹයි මමයි නේද මචෝ මචානෝ  මචානෝ මචානෝ
මචානෝ මචානෝ මචානෝ මචානෝ මචානෝ...

සාමා අමර සල් මල් ගැන සෙව් කාලේ ඉඳලා
ප්‍රේමාදුර ඔල්මාදය ගියාම තනිකරලා
ලෝකයක්ම නොහොඳ කියා පරඬැල් කල මිනිසා
මට වටිනවා නුඹව කියා ළඟින් හිටිය මිතුරා
නුඹයි මමයි නේද එකට හිටියේ මචානෝ  ඒ මචානෝ 
මචානෝ මචානෝ මචානෝ මචානෝ මචානෝ මචානෝ...

මිලියනයක් සිහින සිතේ මියැදුනාම පෙරදා 
වැටුණ තැනින් නැගිටින්නට අත්වැල වී සිටියා
දිනන දාට සිනහා නගා සෙල්ෆි ගහන ජනයා
අතර නිහඬ සෙල්ලිපියයි මගේ හොඳම මිතුරා
නුඹයි මමයි නේද එකට හිටියේ මචානෝ මචානෝ 
මචානෝ මචානෝ මචානෝ මචානෝ මචානෝ මචානෝ...

Mathaka | මතක

A free, open, community-driven database preserving Sri Lankan Sinhala song lyrics for future generations.

ශ්‍රී ලාංකික සිංහල ගීතය රැකගැනීම සඳහා.

© 2026 Mathaka. Data licensed under ODbL.

Open. Accurate. Eternal.