මාල පබළු වැල්maala pabalu wael

Maala Pabalu Wal

Lyrics

මාල පබළු වැල් කරවට ලන්නට
තෝඩු අරුංගල් තෑගි ගෙනෙන්නට
දවසක්‌ ඒවිලු බිනර මහේ
බිනර මහේ

කෝල කොමළ ඉඟි මුවින් සිනාසී
හීන් හඬින් කොඳුරමින් එදා කී
හිරිමල් සීපද තාම ඇසේ
තාම ඇසේ

ගිරා කොබෙයියෝ රංචු ගැහී - වැවු ඉස්‌මත්තේ
ආල කතන්දර රහස්‌ කියනවලු
උන් උන් අපිගැන කතා කියනවලු
ළන්ළන් වීලා //

හීන ඉසවුවේ පෙරුම් පුරා - එන ගීතේ
හිතට හිතක්‌ නැත මෙහෙම හිතක්‌ නැත
බිනර මලක්‌ ළඟ බඹර නඩක්‌ ඇත
ළන්ළන් වීලා //

Mathaka | මතක

A free, open, community-driven database preserving Sri Lankan Sinhala song lyrics for future generations.

ශ්‍රී ලාංකික සිංහල ගීතය රැකගැනීම සඳහා.

© 2026 Mathaka. Data licensed under ODbL.

Open. Accurate. Eternal.