මාල ගිරවියේmaala girawiyee

Maala Giraviye

Lyrics

මාල ගිරවියේ මාල ගිරවියේ
මට ඔබත් එක්‌ක අපේ ගමට පියාඹන්න ආසයි
මම දන්න කියන ගහකොළ මල්
පෙන්නන්නට ආසයි

දුර නෑයෝ පවා ගේ දොරකඩ
එකතු වෙලා හිඳීවී
නුඹේ මාලේ හැබෑ රත්තරන්ද අතගාලා බලාවී
මේ සේද ඇඳුම් ඉල්ලාගත්තේ කාගෙන්දැයි අසාවී

මගෙ උරතලයේ හිස තියාන හෙමිහිට ඉකි බිඳීවී
අපෙ නැතිබැරිකම් මේ තරමට
අමිහිරි දැයි අසාවී
ඒ නිසා තවත් ටික දවසක්‌ ඉවසමු අපි කුමාරී

Mathaka | මතක

A free, open, community-driven database preserving Sri Lankan Sinhala song lyrics for future generations.

ශ්‍රී ලාංකික සිංහල ගීතය රැකගැනීම සඳහා.

© 2026 Mathaka. Data licensed under ODbL.

Open. Accurate. Eternal.