මාගේ වෙන්න කියලා (සමාවෙන්න)maagee wenna kiyalaa (samaawenna)

Maage Wenna Kiyala (Samawenna)

Music:
දෙනුවන් කෞෂකdhenuwan kaushaka
Lyrics:
නදී විජේසිංහnadhii wijeesinha

Lyrics

මාගේ වෙන්න කියලා මා පැතූ දෙවියන්ටත්
ලැබේවා කියාලා වුණා භාර හාර
නැතිව බෑ ඉන්න නම් මේ හදට තාමත්
ආදරෙයි රත්තරං මියෙන තුරු මං
ආදරෙන් ළං වුණේ ආදරේ හින්දමයි
හදවතින් පෙම් කළේ ඔයා මගේ නිසායි...

සමාවෙන්න සැමදා වුණා වැරදිත් මගෙන්
ඇමතුමක්  දෙන්න හිතලා ආදරේ නාමයෙන්
නුඹේ හිසට මා දෑත දිව්රලා කියන්නම්
වෙනස් වෙන්නේ නෑ වෙන්න බෑ ඉන්නවා ළඟින් 
ආදරෙන් ළං වුණේ ආදරේ හින්දමයි
හදවතින් පෙම් කළේ ඔයා මගේ නිසායි...

ජීවිතේම ඔබ මගේ හුස්මක් වෙලා හිතේ
ඉන්නවාද ළඟට වෙලා හැමදාම මේ ආදරෙන්
නුඹේ හිසට මා දෑත දිව්රලා කියන්නම්
වෙනස් වෙන්නේ නෑ වෙන්න බෑ ඉන්නවා ළඟින් 
ආදරෙන් ළං වුණේ ආදරේ හින්දමයි
හදවතින් පෙම් කළේ ඔයා මගේ නිසායි...

මාගේ වෙන්න කියලා...

Mathaka | මතක

A free, open, community-driven database preserving Sri Lankan Sinhala song lyrics for future generations.

ශ්‍රී ලාංකික සිංහල ගීතය රැකගැනීම සඳහා.

© 2026 Mathaka. Data licensed under ODbL.

Open. Accurate. Eternal.