Lyrics
මා වාගේ ලඟින් උන්..මා වාගේ...
සිහිවේදෝ කෙනෙක් උන්..මා වාගේ...
ආදරේ බැඳුනේ කවුදෝ මා..වාගේ...
කොඳ මල් යහනේ සඳ කැළුමන් සේ රැඳුනේ...//
කාගේ හෝ මුසා බස් හින්ඳා ඈ...
මා හා ඈ බිඳී ගියා වාගේ...
මා සොයා එයිදෝ ඈ පෙර සිටියා..සේ...
රැජිනක් නැති වූ රජ කුමරෙකි මා..ලෝකේ...
රැජිනක් නැති වූ රජ කුමරෙකි මා..ලෝකේ...//
පෙරදා උදයේ ඈ මා අසලම වූයේ...
ඊයේ වෙන දෑතක පැටලී උන්නේ...
ලංවී තව කෙනෙකුන් හා පියවර මැන්නේ...
හෙට රෑ කොහි නවතීදැයි නැහැ දන්නේ...
පායාවී..සඳක් තව පායාවි...
පීදේවී..කුසුම් තව පීදේවි...
ආදරේ ඉල්ලා පෙරදා ඈ මාගේ...
දෙනුවන් අතරේ කඳුලැල් තවරා ආවේ...
දෙනුවන් අතරේ කඳුලැල් තවරා ආවේ...
පායාවී..සඳක් තව පායාවි...
පීදේවී..කුසුම් තව පීදේවි...
පායාවී..සඳක් තව පායාවි...
පීදේවී..කුසුම් තව පීදේවි...