මා හඬවලාmaa handawalaa

Maa Handawalaa

Lyrics

මා හඬවලා හදවත සලා
පෙර දාක මාගෙ දෙනුවන් රතු වෙලා
දැන් කිසි දිනේ නැත ඒ වගේ
හද ආදරේ පිරී ඉතිරෙනවා

සිත පිබිදී නෙතු පැහැදී
ඔබ හමු වී සුවඳ දිදී
දිවිය පුරා මම එනවා
මගෙ දෑතින් ඔබ අල්ලා

මා හඬවලා හදවත සලා..

හද උදුරා ගන්නට බෑ
සිත පාරා සනසනු බෑ
අවරගිරෙන් හිරු පායනු බෑ
ඇය හා මා එක් වෙනු බෑ

මා හඬවලා හදවත සලා..

Mathaka | මතක

A free, open, community-driven database preserving Sri Lankan Sinhala song lyrics for future generations.

ශ්‍රී ලාංකික සිංහල ගීතය රැකගැනීම සඳහා.

© 2026 Mathaka. Data licensed under ODbL.

Open. Accurate. Eternal.