Lyrics
මා ආදරෙන් ලංවෙලා කී කතා
සිහිනයක් ලෙසින් තරු සේ මැකී ගියා
ඒ ලෝකයේ මා සැදූ මාළිගේ
මායාවක් වී සඳසේ ගිලී ගියා
අතීතේ සිතුම් රෑ පුරා අවදිවී
සෙනෙහසේ සුවඳ මතකයේ රැදේවි
හැර ගියේ ඇයිද මා දමා දුරස්වී
පෙර මතක සිතේ නොමැකී තියේවී
සත්තකයි ලඳේ කිසිදා නොමැකේවී
හදවතින් ලංව මා ලයට තුරුල් වී
අමතකද ප්රියේ කී කතා සිනහ වී
ඔබ හා ගෙවූ පෙම් පහස මිලිනවී
මා දෙනෙත් හඬයි ඒ පෙම් සිහින මැවී
සත්තයි ඔබේ මුව කිසිදා නොමැකේවී