මා තොටින් එනmaa thotin ena

Ma Thotin Ena

Music:
රෝහණ වීරසිංහroohana wiirasinha
Lyrics:
මහින්ද චන්ද්‍රසේකරmahindha chandhraseekara

Lyrics

මා තොටින් එන උතුරු සුළඟේ ගිනි සිඹින මඩු පල්ලියේ
දෑස් අග මුතු කඳුළු හංගන සරෝජා මගෙ දෝණියේ
වෙඩි හඬට පොඩි අකුරු ඇදවෙයි මක්කරන්නද පැංචියේ
ගුරුතුමී මා සිසුවියයි නුඹ ඒත් අපි එක පංතියේ

කරවටේ අත දමා හිනැහුණු කෝ නුඹේ පොඩි යාළුවන්
දයාවක් නැති ලෝකයක් දැක උන් ගිහින් පැන මායිමෙන්
තාත්තා හීනෙන් ඇවිත් අත වනන තුරු කදවුරු දොරෙන්
කාටවත් නැති දුවේ කවුරුන් නුඹ රකීවිද සෙනෙහසින්

මන්දිරේ දොර නුඹව කැදවයි බේබිලා හඩනා හඩින්
මායිමේ වැට අඩගසයි හෙට අවි දරා රකිනා ලෙසින්
දමා ගොදුරට කෙලෙස යන්නද ඒත් යන්නට වෙයි ඉතින්
වරක් දැක සිත නිවාගන්නට දුවේ ඩිංගක් හිනැහියන්

මා තොටින් එන .../

Mathaka | මතක

A free, open, community-driven database preserving Sri Lankan Sinhala song lyrics for future generations.

ශ්‍රී ලාංකික සිංහල ගීතය රැකගැනීම සඳහා.

© 2026 Mathaka. Data licensed under ODbL.

Open. Accurate. Eternal.