මා සිත බැඳුනේmaa sitha baendunee

Ma Sitha Bandune

Lyrics

මා සිත බැඳුනේ
ඔබටයි ප්‍රිය ළඳුනේ
සැමදා මා ආදරෙයි ආදරෙයි ආදරෙයි
දිවුරා කියමි මෙසේ ඔබට මා ආදරෙයි

සිතුවේ ඔබ ගැනමයි
යඑනේ මා තනිවී //
පිරුනා සිත මාගේ
සෙනෙහසින් අවදි වී
හැරදා නොයමි ළදේ
සැමදා ඔබ මගේ

මා සිත බැඳුණේ ..........

ගතින් නුඹ ඈතයි
සිතින් ඔබ ළඟමයි //
කවදා හමුවේවිදෝ
දෙදෙනා හැබැහින්
හැනැහී ළංවේවී දෝ
තුරුළු වී ආදරෙන්

මා සිත බැඳුණේ ..........

Mathaka | මතක

A free, open, community-driven database preserving Sri Lankan Sinhala song lyrics for future generations.

ශ්‍රී ලාංකික සිංහල ගීතය රැකගැනීම සඳහා.

© 2026 Mathaka. Data licensed under ODbL.

Open. Accurate. Eternal.