මා සතුටින් බව ඔබට පෙනෙයි නම්maa sathutin bawa obata peneyi nam

Ma Sathutin Bawa Obata Penei Nam

Lyrics

මා සතුටින් බව ඔබට පෙනෙයි නම්
එය වැරදියි ලඳුනේ
නිතරම කඳුළෙනි මා පසුවන්නේ
මට අයිතිය කඳුළයි //

පාලුව තනිකම මට වධදෙන විට
කෙලෙසද ඉවසන්නේ
කියන්න සොඳුරිය කියන්න සොඳුරිය 
ඇයි මට මෙහෙම වුණේ

 මා සතුටින් බව ....

මා අමතක කොට ඔබ ගත් නව මඟ
ඔබ හට සුව දේ නම්
කුමක් වුවත් මට ඒ ගැන කම් නැත
තනිවම මා ඉන්නම් 

මා සතුටින් බව ....

Mathaka | මතක

A free, open, community-driven database preserving Sri Lankan Sinhala song lyrics for future generations.

ශ්‍රී ලාංකික සිංහල ගීතය රැකගැනීම සඳහා.

© 2026 Mathaka. Data licensed under ODbL.

Open. Accurate. Eternal.