මා පැතූ ලෝකේmaa paethuu lookee

Ma Pathu Loke

Lyrics

(මා පැතූ ලෝකේ 
අද උදා වෙලා තුටින් පිරීලා 
මීවිතේ වාගේ 
රස හැඟුම් සදා හදේ රැඳීලා...//)

සැණකෙළි කාලෙ අපේ යොවුන් සිහින ලෝකේ 
සැමදා නැතේ රැඳෙන්නේ 
හෙවනැලි වාගෙ අපේ ළඟමයි දුක ශෝකේ 
නෑ ඒ අප හැර යන්නේ   
ඉනසුලු කාලෙ මිනිස් ගුණදම් රැකගන්නේ 
එවිටයි නම නොමින්නේ   

මා පැතූ ලෝකේ 
අද උදා වෙලා තුටින් පිරීලා 
මීවිතේ වාගේ 
රස හැඟුම් සදා හදේ රැඳීලා

සුදු කලු බේද කිසිත් නෑ මා සලකන්නේ 
කාටත් ගීත ගයන්නේ 
නැති බැරි දාට කවුද තනියට ළඟ ඉන්නේ 
අසරණයෙක් බව දන්නේ 
ලඟදී කාසි කිසිත් නැත අප ගෙන යන්නේ 
හොඳ නම සදා රැඳෙන්නේ 

(මා පැතූ ලෝකේ 
අද උදා වෙලා තුටින් පිරීලා 
මීවිතේ වාගේ 
රස හැඟුම් සදා හදේ රැඳීලා...//)

Mathaka | මතක

A free, open, community-driven database preserving Sri Lankan Sinhala song lyrics for future generations.

ශ්‍රී ලාංකික සිංහල ගීතය රැකගැනීම සඳහා.

© 2026 Mathaka. Data licensed under ODbL.

Open. Accurate. Eternal.