මා ඔබේ සකුන්තලාmaa obee sakunthalaa

Ma Obe Sakunthala

Lyrics

මා ඔබේ සකුන්තලා  - මා ඔබේ නිසංසලා
පෙම් මන්දිරේ පුරා - ඔබ කී කතා ඇසේ
මා ඔබේ සකුන්තලා

හද මංජුසාව දෙදරා - නූපන් සෙනේ මුලා වී
පිටුපෑව ආල කුමරෝ - පිටුපෑව ආල කුමරෝ
හමුවෙන්න මතු භවේදී
මේ අනෝම ආදරේ - මේ අනාත මංසලේ
පෙම් මන්දිරේ පුරා - ඔබ කී කතා ඇසේ
මා ඔබේ සකුන්තලා

මද අන්ධකාරේ ක්ෂිතිජේ - යාත්‍රා රුවල් බිදෙන්නේ
එකදාම එකම සොහොනේ- සැතපෙන්න මා පතන්නේ
මා ඔබෙන් උපන්නෙමී - මා ඔබෙන් මියෙන්නෙමී
පෙම් මන්දිරේ පුරා - ඔබ කී කතා ඇසේ
මා ඔබේ සකුන්තලා




Mathaka | මතක

A free, open, community-driven database preserving Sri Lankan Sinhala song lyrics for future generations.

ශ්‍රී ලාංකික සිංහල ගීතය රැකගැනීම සඳහා.

© 2026 Mathaka. Data licensed under ODbL.

Open. Accurate. Eternal.