මා ඔබේ නොවේනම්maa obee noweenam

Ma Obe Nowenam

Music:
ආර් එන් ජී රාජපක්ෂaar en jii raajapaksha
Lyrics:
ආර් එන් ජී රාජපක්ෂaar en jii raajapaksha

Lyrics

මා ඔබේ නොවේනම් 
ඔබට මා එපා නම් 
හද පාරන වේදනා දෙන්නෙපා 
නැහැ මා අත වරදක් 
ඔබට පෙම් කලේ මං 
ඔබෙ ලොවට හොරෙන් නම් 
ලොවට කියා ඇය හා යන්න දැන් 
නැහැ මගෙන් තහනම් 

හද පුද අසුනේ දැල්වූ පහනේ  
පෙම් සින නිවුනේ මගෙ සුසුම් පවනේ 
ඉගිලෙන්න බැහැ තටු කඩලා 
සිනාසෙන්න බැහැ මුව වැසිලා 
කූඩුවේ සිරවුනු මා ඔබෙ අසරණ සිරකාරියයි 

මතු දවසේ අපෙ ආදර පුවතේ 
මංගල දිනයක සේයා නෑ 
ඉරණම ලෙස හික්මීලා 
සිනාසෙන්න ඇය හා ඉඳලා 
හිත නැති හිත වෙත 
මගෙ හද ඔබ හට යළි ඉඩ නෑ 

මා ඔබේ නොවේනම්....
ලොවට කියා ඇය හා යන්න දැන් 
නැහැ මගෙන් තහනම්..

Mathaka | මතක

A free, open, community-driven database preserving Sri Lankan Sinhala song lyrics for future generations.

ශ්‍රී ලාංකික සිංහල ගීතය රැකගැනීම සඳහා.

© 2026 Mathaka. Data licensed under ODbL.

Open. Accurate. Eternal.