Lyrics
මා නුවන් පුරා නිල් අහස වසා
මා ලවන් පුරා මල් සුවඳ සදා
මල් හීන වැසි වැටෙනා විල් තෙරේ
උණ පදුරු සෙවණේ
රෝස මල් සිප ආදෙන පෙම් සුළගේ
ආකාස කුසුම් යහනාවේ
මට දැනෙනවා ආදරේ
මට දැනෙනවා ආදරේ
නිල් අහස තරම් ආදරේ අරන්
ඔබෙ නිල් ඇස් දෙකේ හංගලා
ඇසිපිය නොසලන් සිපගන්න හෙමින්
සද වතුර සද දිගේ ගලනවා
මට ආදරේ .... හැගෙනවා //
මල් සුවඳ තරම් ආදරේ අරන්
මගෙ සිත ලඟ නතර වෙලා
පෙම් බඹර තුඩින් මුව රඳ සැනෙහින්
විල් තෙරේ මල් සුවඳ ගලනවා
මට ආදරේ .... දැනෙනවා //