මා නොවේ ඒ රාවණාmaa nowee ee raawanaa

Ma Nowe E Ravana

Music:
අකලංක පනාපිටියakalanka panaapitiya
Lyrics:
වසන්ත දුක්ගන්නාරාළwasantha dhukgannaaraala

Lyrics

මා නොවේ ඒ රාවණා
ප්‍රේමයෙන් මං නෑවුනා
මිදුමක් සේ මීමුරෙන් මිදෙනා
මා නොවේ ඒ රාවණා...

හිත බින්ද දුනු දිය ඇද්දෙ නෑ මා
ඔබ ලඟින් හිඳිනා මන්දෝදරී සැලුනා
තාම නාඬා ඉන්නේ ඇයි මා

මා නොවේ ඒ රාවණා... 

ඔටුන්නෙන් ගිලිහී සැලෙනා මැණික් ගල් අහුලා
සයනයට පිටදී බිසවුන් ඇස් පියා සිටියා
දඬු මොණරෙ වැටුනා ඔබ වෙත කෝම එන්නද මා
තාම නාඬා ඉන්නේ ඇයි ඈ
 
කප්පරක් දුක මා වැයුවේ මුදු සිනා සලලා
ලග්ගලින් දලුලා ගිනිගෙන මා දැවී තිබුණා
වේදනා දැනෙනා හැමතැන රාවණා සිටියා
තාම නාඬා ඉන්නේ ඇයි මා

මා නොවේ ඒ රාවණා
ප්‍රේමයෙන් මං නෑවුනා
මිදුමක් සේ මීමුරෙන් මිදෙනා...

Mathaka | මතක

A free, open, community-driven database preserving Sri Lankan Sinhala song lyrics for future generations.

ශ්‍රී ලාංකික සිංහල ගීතය රැකගැනීම සඳහා.

© 2026 Mathaka. Data licensed under ODbL.

Open. Accurate. Eternal.