මා නිසා ඔබ නොපිරූ පෙරුම්maa nisaa oba nopiruu perum

Ma Nisa Oba Nopiru

Lyrics

මා නිසා ඔබ නොපිරූ පෙරුම්
මා නිසා ඔබ නොපැතූ පැතුම්
ඒ සිනහා මැද ඉටු වේවි නම්
ආයේ නාවත් කම් නෑ ඉතිං

කෝ එදා ඔබ අත පැලැන්දුව
මුදුව කෝ කොයිදෝ
නෑ මාගේ සිත අන් කෙනෙක් ගැන
කීවාදෝ නැතිදෝ

මාළිගාවක රජ කෙනෙක් වත්
යනවදෝ කැදවා
වාසනාවන් ඒ සැඳෑවට
මා ඇවිත් යනවා

Mathaka | මතක

A free, open, community-driven database preserving Sri Lankan Sinhala song lyrics for future generations.

ශ්‍රී ලාංකික සිංහල ගීතය රැකගැනීම සඳහා.

© 2026 Mathaka. Data licensed under ODbL.

Open. Accurate. Eternal.