මා නෙතු හඬන වේලාවේmaa nethu handana weelaawee

Ma Nethu Handana Welawe

Music:
නිසල් ගංගොඩගේnisal gangodagee
Lyrics:
කවිකර විරදකkawikara wiradhaka

Lyrics

මා නෙතු හඬන වේලාවේ ඔබ ළඟ නෑ
පාළුව දැනුණු වේලාවේ තනියට නෑ
උණුසුම හොයන හෝරාවේ ඔබ උන් නෑ
(ඔබ සොයන ඒ දිනයේ මා එන් නෑ.....//)

ජීවිතේ මගේ පැතුමන් බිඳිලා විසිරිලා
කඳුළු සලන මා කළ වරද තාම සොයනවා
නපුරු වී ඔයා රිදෙව්වත් මාව රෑ දිවා
ආදරේ මගේ සොයයි ඔබ දිනෙක ලතැවෙලා.....

මා නෙතු හඬන.....

ආදරේ නැතත් රිදෙව්වත් මාව අද ඔයා
ආදරේ මගේ තාම නැත ඔබට අඩු වෙලා
සෙනෙහසින් ඔයා පතන දින මාව තනිවෙලා
යන්න මා ගිහින් එන්නේ නැත ඔබව යළි සොයා.....

මා නෙතු හඬන.....

Mathaka | මතක

A free, open, community-driven database preserving Sri Lankan Sinhala song lyrics for future generations.

ශ්‍රී ලාංකික සිංහල ගීතය රැකගැනීම සඳහා.

© 2026 Mathaka. Data licensed under ODbL.

Open. Accurate. Eternal.