මා මුලින් ලියු පෙම් පතේmaa mulin liyu pem pathee

Ma Mulin Liyu Pem Pathe

Lyrics

මා මුලින් ලියු පෙම් පතේ
බොලඳ වැකි අමුනා
සිහිනයක් සිතුවම් පොතේ  	 
පාටවී ඇඳුනා //

ආදරේ ඇති හින්දමයි  	 
මා එසේ ලීවේ 
යොවුන් වයසේ	 සිතුවිලී  	 
එයින් මා කීවේ.....
මා මුලින් ලියු......

ආදරේ ගැන පවසලා  	 
ඇයත් මට ලීවා
මුණගැසෙන්නට කීනිසා  
මගදි හමුවූවා
මා මුලින් ලියු......

Mathaka | මතක

A free, open, community-driven database preserving Sri Lankan Sinhala song lyrics for future generations.

ශ්‍රී ලාංකික සිංහල ගීතය රැකගැනීම සඳහා.

© 2026 Mathaka. Data licensed under ODbL.

Open. Accurate. Eternal.