මා මිහිදන් උනාමmaa mihidhan unaama

Ma Mihidan Unama

Music:
දර්ශණ වික්‍රමතුංගdharshana wikramathunga
Lyrics:
කමලා මැණිකේ වීරසේකරkamalaa maenikee wiiraseekara

Lyrics

මා මිහිදන් වුණාම මේ කොඩිවැල් කියයිද 
තුන් සිත වින්ද වේදනා
සෝ ලතැවුල් මවාන සුදු සළුපිළි දරාන
කිම ඔබ හඩන කාරණා

සෙවනට උන්නු ගසේ 
අතු සිඳ බින්ඳ මිනිස්සූ
පාඩුවෙ දිලුණු සඳට
කැබළිති ගැසුව මිනිස්සු
කන්නට දුන්නු අතම 
හෙමිහිට හැපුව මිනිස්සු
ඇතිදා නැති බුහුමන්
නැතිදා පිදුව මිනිස්සු

මා මිහිදන් වුණාම මේ කොඩිවැල් කියයිද... 

සේසත් පාවඩ මැද 
අභිමන් හරසර රන්දා
අවසන් ගමනට ඇයි
දහසින් සැරසිලි බන්දා
හදවත් නැති වුන් ලෙස
පෙරදා දුන්නු වේදනා
දෙසවන් බිහිරියි අද
මිතුරනි කුමට වරණනා

මා මිහිදන් වුණාම මේ කොඩිවැල් කියයිද...

Mathaka | මතක

A free, open, community-driven database preserving Sri Lankan Sinhala song lyrics for future generations.

ශ්‍රී ලාංකික සිංහල ගීතය රැකගැනීම සඳහා.

© 2026 Mathaka. Data licensed under ODbL.

Open. Accurate. Eternal.