මා ඉන්නේ අන්ධකාරේ දැන්maa innee andhhakaaree dhaen

Ma Inne Andakare Dan

Lyrics

මා ඉන්නේ අන්ධකාරේ දැන්
ඉවසන්න බෑ මේ තරම්
ආදරේ සැමදා උනා සුන්
විඳගන්න වේදනාව පෙම් //

මා සතු මාළිගේ පනවාගේ
රැකබලා ආදරෙන් සැමදා
ඇයි ඹයා ගෙන ගියේ
විඳ දරා ඉන්න බෑ මා සිතේ 
වේදනා ... //

මා ඉන්නේ ....

ඔබ නිසා මා හෙළූ කඳුළැලි
දිනපතා සාගරේ වාගෙනේ
දියසුළි එයි නගා
වාලුකා කතරේ මා එන්නෙමි
ඔබ පතා ... //

මා ඉන්නේ ....

Mathaka | මතක

A free, open, community-driven database preserving Sri Lankan Sinhala song lyrics for future generations.

ශ්‍රී ලාංකික සිංහල ගීතය රැකගැනීම සඳහා.

© 2026 Mathaka. Data licensed under ODbL.

Open. Accurate. Eternal.