මා හැරදාmaa haeradhaa

Ma Harada

Music:
අමිල් තරංගamil tharanga
Lyrics:
කවින්ද ප්‍රනාන්දුkawindha pranaandhu

Lyrics

මා හැරදා නුඹ ගියදා හඬපු තරම් මං
නුඹ දන්නෑ නුඹ හින්දා විඳපු තරම් දුක් 
විඳපු තරම් දුක් 

(නුඹ හින්දා සිත වින්දා වේදනා සුසුම් 
ඒ හින්දා මම වින්දා නුඹේ නමින් දුක්...//) 
ඉර විවුරා සඳ විවුරා නුඹේ ආදරෙන් 
හද කම්පාවී සංකා වින්දා පාලුවෙන් 
මං වින්දා පාලුවෙන්  
  
(ඔහු හින්දා මට රිද්දා වෙන්වෙලා ගිහින් 
සුව වින්දා නුඹ ඔහු හා බැඳුනු ආදරෙන්...//)
අද නුඹ දා ඔහු පිටුපා ගියත් මා ලඟින් 
ඉන්න එපා මං හැදුවේ මගෙ හිත පරිස්සමෙන් දැන්   
පරිස්සමෙන් දැන්

මා හැරදා නුඹ ගියදා....

Mathaka | මතක

A free, open, community-driven database preserving Sri Lankan Sinhala song lyrics for future generations.

ශ්‍රී ලාංකික සිංහල ගීතය රැකගැනීම සඳහා.

© 2026 Mathaka. Data licensed under ODbL.

Open. Accurate. Eternal.