මා හද පෙම් විලේmaa hadha pem wilee

ma hada wile

Music:
මර්වින් පෙරේරාmarwin pereeraa
Lyrics:
උපුල් සංජීවupul sanjiiwa

Lyrics

මා හද පෙම් විලේ පිපෙන්න ආස කවුරුදෝ
නීල නෙත් අගින් කියන්න ඒ ඔබේ හැඟුම්
මාගේ ප්‍රේම යෞවනේ ආවේ හංසරාණියේ
ජීවේ වේදනා නිවා දමන්නදෝ

මා හද පෙම් විලේ පිපෙන්න ආස කවුරුදෝ
නීල නෙත් අගින් කියන්න ඒ ඔබේ හැඟුම්
මාගේ ප්‍රේම යෞවනේ ආවේ හංසරාණියේ
ජීවේ වේදනා නිවා දමන්නදෝ

මන්දහාසයේ ප්‍රේම ගී ගැයේ
මා සවන් නදින් උදම් වුනා
වාලුකා තලේ මිරිඟුවක් ලෙසේ
මා නුවන් මුලා කරන්නෙපා
දෑසේ මත් බිඟුන් සැලේ වෑහෙයි රොන් උරා රසේ
ආදරේ වඳන් දොඬන්නකෝ

මා හද පෙම් විලේ පිපෙන්න ආස කවුරුදෝ
නීල නෙත් අගින් කියන්න ඒ ඔබේ හැඟුම්
මාගේ ප්‍රේම යෞවනේ ආවේ හංසරාණියේ
ජීවේ වේදනා නිවා දමන්නදෝ

දෙව් විමන් නැතේ මල් යහන් නැතේ
රන් රුවන් කසී සලූද නෑ
සිහින මාරුතේ චණ්ඩ මාරුතේ
පාවෙලා මගෙන් මිදෙන්නෙපා
ප්‍රේමේ නාමයෙන් ළදේ පෑදෙයි වාසනා ලොවේ
ජීවිතේම භාර ගන්නකෝ

මා හද පෙම් විලේ පිපෙන්න ආස කවුරුදෝ
නීල නෙත් අගින් කියන්න ඒ ඔබේ හැඟුම්
මාගේ ප්‍රේම යෞවනේ ආවේ හංසරාණියේ
ජීවේ වේදනා නිවා දමන්නදෝ

මා හද පෙම් විලේ පිපෙන්න ආස කවුරුදෝ
නීල නෙත් අගින් කියන්න ඒ ඔබේ හැඟුම්
මාගේ ප්‍රේම යෞවනේ ආවේ හංසරාණියේ
ජීවේ වේදනා නිවා දමන්නදෝ

Mathaka | මතක

A free, open, community-driven database preserving Sri Lankan Sinhala song lyrics for future generations.

ශ්‍රී ලාංකික සිංහල ගීතය රැකගැනීම සඳහා.

© 2026 Mathaka. Data licensed under ODbL.

Open. Accurate. Eternal.