මා හද ඔබෙයිmaa hadha obeyi

Ma Hada Obeyi

Lyrics

මා හද ඔබෙයි දයාවී ආදරේ නෙත කියාවි
ජිවිතේ පෙම් සමීරේ මකරන්ද රේණු දහරේ
පණ හා සමාන ලලනා 
මා හද ..

නිල් ලොවක පැණි පිරෙන්නේ
මී ලොල් භෘංගයාටය
මල් පරවෙලා හැලෙන්නේ
අඳුරේ ගිලෙන දාටයි
වෙන්වෙන්නේ නෑ මගෙන් නම්
පණ හා සමාන ලලනා

මා හද ..

දෙදෙනාම මේ සොයන්නේ
සංසාරේ පුරුදු මතකයි
මත් වී මා හද දෙහද බැඳුණේ
අද වාගේ සොඳුරු දාකයි 
වෙන්වන්නේ

මා හද ...

Mathaka | මතක

A free, open, community-driven database preserving Sri Lankan Sinhala song lyrics for future generations.

ශ්‍රී ලාංකික සිංහල ගීතය රැකගැනීම සඳහා.

© 2026 Mathaka. Data licensed under ODbL.

Open. Accurate. Eternal.