Lyrics
මා හා ආයේ යාවී දෑසේ
මුදු සේලේම දැවටිලා
පාවී ආවේ සීනෙන් වාගේ
නුඹ සිටි හන්දා ළංවෙලා
දුර අහසේ මා නුඹ සෙව්වා රෑ
කවිකාර ඇස් සිහිවෙලා
සිපගන්න පිං මදි නිසා
සාගරේ පීරලා කඳුළු පුරෝලා
එනතුරු ඔබ වෙරලේ උන්නා //
මා නෙත් වේදනා නුඹට දැනිලා
නොදැනෙන සේම තනිකළා //
චාටුවෙන් ආදරේ සුවඳ පෙන්නලා
ඒ තුරුලේම සැනසුනා //
සිහිනයෙන් ආවොතින් හිතට ළංවෙලා
මගෙ පණ සේම රකිනවා //
මා හා ආයේ ....