මා ගැන ඔබවත්maa gaena obawath

Ma Gena Obawath

Music:
ඩැඩීdaedii

Lyrics

මා ගැන ඔබවත් හිතුවාදෝ නොවරදවා
නැතිදෝ මට හිමි ඒ ළඳ තවමත් ඉපදීලා
මගෙ හැම මිතුරන් පෙම්වතියන් හා එක්වීලා
කම් නෑ කියන්න ඔබ අකමැති මං බොළඳ නිසා
කම් නෑ කියන්න ඔබ අකමැති මං බොළඳ නිසා

මා හට දැණෙනා ඒ ආදරයේ හැඟුමන්
ඇයි ඔබ හට නොදැණුනෙ හැඟුමක ඒ උණුසුම්
කොහොමද ඔබ සිතුවේ ආදරෙ මට දුරයැයි
මෙමටත් දැණෙනව ආදරෙ තියෙනා සුන්දරකම්

මා ගැන ඔබවත් හිතුවාදෝ නොවරදවා...

මිතුරන් අතරේ මා අද තනිවී සිටියත්
ඔබගේ මතකය මට කරනා ඒ ඔච්චම්
කාටත් නොදැනී හැඟුමක සිරවී තනියෙන්
රහසින් ගලනා කඳුලක ඇති ‍ඒ සුන්දරකම්

මා ගැන ඔබවත් හිතුවාදෝ නොවරදවා...

Mathaka | මතක

A free, open, community-driven database preserving Sri Lankan Sinhala song lyrics for future generations.

ශ්‍රී ලාංකික සිංහල ගීතය රැකගැනීම සඳහා.

© 2026 Mathaka. Data licensed under ODbL.

Open. Accurate. Eternal.