මා ගැයූ මේ ගීmaa gaeyuu mee gii

Ma gayu me gee

Music:
ක්ලැරන්ස් විජේවර්ධනklaerans wijeewardhhana

Lyrics

මා ගැයූ මේ ගී
ඔබේ නාමයෙන්
ලොවම ඇසුවත්
මට පලක් නෑ
ඔබට නෑසේ නම් //

පෙර මගේ දුක් වේදනා
ඔබට පමණියි කීවෙ මා
මගේ සෙවණෙහි රැඳී නිසලව
අසා සිටි ළඳුනේ

මා ගැයූ මේ ගී
ඔබේ නාමයෙන්
ලොවම ඇසුවත්
මට පලක් නෑ
ඔබට නෑසේ නම්

ඔබෙන් හිමි වූ වේදනා
කියන්නට ඔබ නෑ මෙදා
ගීතයක් ලෙස පා කරන්නෙමි
සොයා ඔබ ළඳුනේ

මා ගැයූ මේ ගී
ඔබේ නාමයෙන්
ලොවම ඇසුවත්
මට පලක් නෑ
ඔබට නෑසේ නම් //

Mathaka | මතක

A free, open, community-driven database preserving Sri Lankan Sinhala song lyrics for future generations.

ශ්‍රී ලාංකික සිංහල ගීතය රැකගැනීම සඳහා.

© 2026 Mathaka. Data licensed under ODbL.

Open. Accurate. Eternal.