මා ගාව රැඳිලාmaa gaawa raendilaa

Ma Gawa Randila

Music:
තිවුනුවන් ප්‍රබුද්ධිකthiwunuwan prabudhdhhika
Lyrics:
දසුන් බුද්ධිකdhasun budhdhhika

Lyrics

මා ගාව රැඳිලා ඉන්න මේ ජීවිතේ 
මේ හීන සැමදා දෙන්න නෑ ආදරේ
නෑ කඳුළු මැකිලා තාම මා හදවතේ
ළංවෙන්න පතමි නුඹට මේ ආත්මයේ.....

නෙතු මාව දවනා දවනා තුන්යාමයේ
සංසාරේ පැතුවා පැතුවා මේ ආදරේ.....

මා ගාව රැඳිලා......

ඇහැරිලා ඉන්නා මාගේ රෑ සිහිනයේ
පෑරිලා උන්නා දෑලේ මා පාළුවේ
ඔබ මාගේ මට කීවේ ඔබ නේදෝ.....

මා ගාව රැඳිලා.....

පෙම් පාට අහසේ ඉගිලී මා හා වෙලී
සැමදාම ඉන්නම් කීවා මා ළඟට වී
ඔබ මාගේ මට කීවේ ඔබ නේදෝ.....

මා ගාව රැඳිලා.....//

Mathaka | මතක

A free, open, community-driven database preserving Sri Lankan Sinhala song lyrics for future generations.

ශ්‍රී ලාංකික සිංහල ගීතය රැකගැනීම සඳහා.

© 2026 Mathaka. Data licensed under ODbL.

Open. Accurate. Eternal.