මා දවාmaa dhawaa

Ma Dawa

Music:
දිල්ශාන් L සිල්වාdhilshaan l silwaa
Lyrics:
තරිඳු හර්ෂණtharindu harshana

Lyrics

මා දවා මා පාරලා හඬවලා නොකියා ගියා
හද වෙලා සුසුමන් ඔයා ළං කළා සංවේදනා
හද පාරනා ආදර කතා තනි මට තියා
ඔබ ඉක්මන් වෙලා දුර ගියා එක වාරයක් 
ආදරේ ආයෙත් රහසේ ඇවිත් නැවතේවි නම්
හීනේ පුරා ඔබ ඒ සදා මියැදෙමි 
ඔයා මගේමයි කියා මගේ කියා.....

හමුවෙලා වෙන් වෙලා පෙම් කෙරූ මා හදේ 
අද ඔයා කෝ කියා අහනවා ආදරේ
නුඹේ හිතුමතේ මැරුවත් සෙනේ 
අමනාපයක් නැහැ සත්තමයි පණ මගේ
ඔබ ඉක්මන් වෙලා දුර ගියා එක වාරයක් 
ආදරේ ආයෙත් රහසේ ඇවිත් නැවතේවි නම්
හීනේ පුරා ඔබ ඒ සදා මියැදෙමි 
ඔයා මගේමයි කියා මගේ කියා.....

වෙන් වුණත් සුබ පතා ආදරේ මාවතේ
හමුවෙමු වස්තුවේ ආයෙමත් ආදරෙන්.....

මා දවා මා පාරලා.....

Mathaka | මතක

A free, open, community-driven database preserving Sri Lankan Sinhala song lyrics for future generations.

ශ්‍රී ලාංකික සිංහල ගීතය රැකගැනීම සඳහා.

© 2026 Mathaka. Data licensed under ODbL.

Open. Accurate. Eternal.